නාමල්ගේ නඩුව යළි කැඳවීමට අවශ්‍ය නැහැ… මහේස්ත්‍රාත් අල්ලස් කොමිසම් නිලධාරීන් ආපසු හරවයි…!

June 4, 2025 at 8:20 pm | by emanisa.lk

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සිය අධිකරණය හමුවේ යළි කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය අද(04) නියෝග කළාය.

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර හතරයි දශම තුනක් බදු දිමේ දී සිදුවී ඇති බව කියන රුපියල් මිලියන 70ක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර ඇති බවත් නඩු ගොනුව මහාධිකරණය වෙත යොමුකර ඇති බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටි නමුත් එවැනි කරුණු දැක්වීමක් අවශ්‍ය නොවන බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *