අපි කාර්තුවට ඩොලර් මිලියන 650ක ආයෝජන ගෙනාවා… 2024 අවුරුද්දටම ආවේ මිලියන 724යි…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති…

June 4, 2025 at 5:40 pm | by emanisa.lk

මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“අද බලන්න සභාපතිතුමනි, අපේ රටට ආයෝජකයෝ කොච්චර ඇවිල්ලාද කියලා. මේ කාර්තුවට විතරක් ඩොලර් මිලියන 650 ක් සෘජු විදේශ ආයෝජන ඇවිල්ලා තියෙනවා.

2023 අවුරුද්දටම ආවේ 483 යි. 2024 අවුරුද්දට ආවේ 724 යි. ඒත් අවුරුද්දටම ව්‍යාපෘති 93යි.

අපේ මුල් කාර්තුවට දැන් ඇවිල්ලා තියෙනවා ව්‍යාපෘති 64ක්. ආයෝජන ඩොලර් මිලියන 650යි.”

අද (04) දින පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *