අගනුවර පුරපති ඇමති චතුරංග ඉදිරියේ දිවුරයි…!

June 2, 2025 at 9:17 am | by emanisa.lk

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස අරෝෂ අතපත්තු මහතා පත්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

ඔහු තම තනතුරේ දිවුරුම් දීම කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා ඉදිරියේදී ඊයේ (01) සිදු විය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව පහුගිය පළාත් පාලන මැතිවරණය ජාතික ජන බලවේගය බහුතරය සහිතව ජයග්‍රහණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *