නීතිය ඉදිරියේ සැම දෙනාම සමාන බව කියන මූලධර්මයට නියත වශයෙන්ම පණ දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට මෙන්ම පූජ්‍ය පක්ෂයට ද සුවිශේෂී වගකිමක් පැවරී ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
ගල්කිරියාගම, පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා නාථදෙවියන් හෙවත් මෙත් බෝසත් පිළිරුව නිරාවරණය කිරීමේ පුණ්‍යොත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
රට තුළ ක්‍රියාත්මක අපරාධ ජාලය නියත වශයෙන්ම අවසන් කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.