ආර්ථිකය හැදුවේ නැත්නම් මිනිස්සු අපිත් එළවනවා…! – ඇමති ලාල්කාන්ත…

May 31, 2025 at 5:28 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂට සිය ධුරයෙන් ඉවත්වීමට හේතුව වූයේ ආර්ථික ප්‍රශ්නය බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කරයි.

එකල රට බංකොලොත්වී තෙල් පෝලිම් පැමිණි බවත් ණයක් දෙන්න හෝ කිසිවකු ඉදිරිපත් නොවූ බවත් ඔහු සිහිපත් කරයි.

ආර්ථිකය කඩන් වැටුනහොත් දේශපාලනයක් ඉතුරු නොවෙන බව එවිට බලය රැක ගැනීමට නොහැකි බවද කියා සිටියේය.

තම ආණ්ඩුව ද මෙරට ආර්ථිකය ගොඩනැගුවේ නැතහොත් තම ආණ්ඩුවට ද පවතින්න බැරි බවත් මිනිස්සුන් තමන් ද ගෙදර යවන බවත් ඒ මහතා සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඇමති ලාල්කාන්ත මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *