සියයට දහ අටේ වැට් බද්ද 10%ට බස්සන්න පුළුවන්…! දේශීය ආදායම් දෙපාර්තමේන්තුව…

May 30, 2025 at 12:03 pm | by emanisa.lk

රජය විසින් පනවා ඇති බදු ප්‍රතිශත ඉදිරි කාලයේ දී හෝ අඩු කිරීමට හැකියාවක් ලැබෙන්නේ බදු නොගෙවන හෝ පැහැර හරින හෝ පිරිස් බදු ගෙවීමට යොමු කරමින් බදු පදනම ශක්තිමත් කළහොත් පමණක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස්. ශාන්ත පවසයි.

එම නිසා බදු ගෙවිය යුතු පිරිස් ඔවුන්ගේ යුතුකම නිසි පරිදි ඉටු කරන්නේ නම් දැනට ඇති සියයට 18 වැට් බද්ද සියයට 10 දක්වා අඩු කිරීමට පවා හැකියාවක් ලැබෙනු ඇතැයිද නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29දා) පැවැති “බදු ශක්ති” ජාතික බදු සතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *