ගාමන්ට් එකක් වහන එක මහා දෙයක් නෙමෙයි… ඒවා අරිනවා වහනවා තමයි…! – ආර්ථික සංවර්ධන කමිටු සභාපතිනිය…

May 29, 2025 at 3:54 pm | by emanisa.lk

Next ඇඟළුම් කර්මාන්ත ශාලාව වසා දැමීම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණයට උත්සාහ කරන බවට ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර චෝදනා කරයි.

“ෆැක්ට්‍රීස් වහන එක කඩින් කඩ සිද්ධ වෙන දෙයක්. ආයතන වහනවා, අරිනවා. ඒක මේ අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය කළ යුතු නෑ. මේ ආයතන වහන්නේ ඒ ආයතනවල තීරණ අනුව. කොග්ගල ගිය අවුරුද්දේ එකක් වැහුවා. ටික දවසකින් වෙන පිරිසක් ආයෙම පටන් ගත්තා.

මේක ආයෝජන ගලවා ගෙන යෑමක් නෙමෙයි. මේකට වෘත්තීය සමිති සම්බන්ධත් නෑ. ඒක වහන්න තීරණය කළා නම් ඒක ඒ ආයතනයේ ව්‍යාපාරික තීරණයක් මිස වෙන දෙයක් නෙමෙයි. මේක ලංකාවේ වහපු පළමු ආයතනයත් නෙමෙයි.”

දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් ලක්මාලී හේමචන්ද්‍ර මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *