ඇමරිකානු බදු සහන සාකච්ඡාවට මහින්ද සමරසිංහ පෙරමුණ ගනී… PMD නම සඟවයි…!

May 29, 2025 at 1:23 pm | by emanisa.lk

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් දෙවන වතාවට ද ඇමෙරිකාවට ගොස් තිබේ.

වොෂින්ටන්හිදී එක්සත් ජනපද නියෝජිත කාර්යාලයේදී එහි කණ්ඩායමක් සමග මෙම සාකච්ඡාව පැවැත්වීය.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මේ සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියහ.

ඇමරිකාවේදී එම දූත පිරිසට හි සිටින ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ද එක්ව තිබේ. සාකච්ඡා මේසයේ පිළිවෙළ අනුව පෙනී යන්නේ මහින්ද සමරසිංහ මහතා ශ‍්‍රී ලංකා දුත කණ්ඩාමේ යම් ප‍්‍රමුඛ කාර්යයක නිරත වන බවයි.

මහින්ද සමරසිංහ මහතා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඇමරිකාවේ වාසය කරන අතර ජාතික ජන බලවේග නව පාලන යටතේ ද ඒ මහතා තව දුරටත් එම කටයුත්තේම යෙදී සිටී.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය අදාළ ඡායාරූප ද සමග මෙම සාකච්ඡා ගැන වාර්තා කර තිබූ අතර මහින්ද සමරසිංහ හැර සෙසු පිරිස එහි නම් කර තිබිණි. කෙසේ වුව ද අනතුරුව සෙසු නම් ද ඉවත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *