මාලනියට ලබා දිය යුතු ඉහළම ගෞරවය අපි දුන්නා… අමරදේවගේ අවමගුල වගේ ම ඉහළින් කළා…! – ඇමති නලින්ද ජයතිස්ස….

May 27, 2025 at 1:59 pm | by emanisa.lk

සිනමා නිලි මාලනි ෆොන්සේකා වෙනුවෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයකට එහා ගිය කටයුත්තක් ආණ්ඩුව සිදුකළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ එහි දී මාලනි ෆොන්සේකාගේ පවුලේ අයගේ අදහස වැදගත් වූ බවත් අදාළ කටයුතු කළේ ඔවුන්ගේ ද කැමැත්ත අනුව බවත් ය.

ඒ අනුව මාලනි ෆොන්සේකාට ලබාදිය යුතු ඉහළ ම ගෞරවය රජය ලබා දුන් බව ද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

පණ්ඩිත් අමරදේවට මෙන් මාලනී ෆොන්සේකාට පූර්ණ රාජ්‍ය ගෞරව ලබා නොදුන්නේ මන්දැයි මාධ්‍ය විමසූ විට ඔහු ප්‍රකාශ කළේ එම අවමගුල් දෙක අතර වෙනසක් නොමැති බවයි.

මාලනි ෆොන්සේකාට ප්‍රතිකාර සඳහා රු. ලක්ෂ 55ක් ලබා දීම වරදක් යැයි තවමත් සිතන්නේ දැයි ප්‍රශ්න කළ විට ඇමති නලින්ද ජයතිස්ස ඊට පිළිතුරු නොදුන් අතර තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මන්ත්‍රීවරුන්ට ජනාධිපති අරමුදලින් ලබා දී ඇති මුදල් වාර්තාව යැයි ද සඳහන් කළේය.

අද (27) පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *