මුස්ලිම් ප්‍රජාවේ සහයෙන් කොළඹ බලය අල්ලන්න යද්දි සමහරු ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවනවා…!

May 26, 2025 at 1:53 pm | by emanisa.lk

ඊයේ (26) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මුස්ලිම් ප්‍රජාවගේ සහ ස්වාධීන කණ්ඩායම්වල සහාය ඇතිව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය දරන උත්සාහය ව්‍යවර්ත කිරීම සඳහා ඇතැම් කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරු පළකරමින් ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ චෝදනා කරයි.

“අරුගම්බේවල අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා බිකිනි තහනම් වගේ ඉංග්‍රීසියෙන් සකස් කරන ලද ප්‍රකාශනයක්. කොළඹ මහ නගර සභාව සහ තීරණාත්මක අපේ ප්‍රාදේශීය සභා නගර සභා ගණනාවක් මේ වෙලාවේ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගයෙන් ස්වාධීන කණ්ඩායම්වල සහයෝගයෙන් ජාතික ජන බලවේගය බලය පිහිටු වන්න අපි සූදානම් වෙන අවස්ථාව. මේවා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු ප්‍රවර්ධනය කරලා මේ දරණ උත්සහයක් තමයි මෙතන අපි නිරීක්ෂණය කළේ.

ඇත්තටම සිද්ධියක් වෙලා තියෙනවා සති කිහිපයකට පෙර මේ ආරුගම්බේ ප්‍රදේශයේ නිරුවතින් යම්කිසි පුද්ගලයෙක් අවිදගෙන ගිහින් තියෙනවා ප්‍රධාන මාර්ගයේ. ඇත්තටම එකත් යම්කිසි කණ්ඩායමක් විසින් සංවිධානය කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් ද කියලා අපි සැක කරනවා.

මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය ඒ අයගේ ආගමික විශ්වාසයන් පිළිබඳව අපගේ පූර්ණ ගෞරවය තියෙනවා. ඒ වගේම එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය අපි වසර ගණනාවක් පුරා සිදුකරනවා. මේක මේ හදිසියේ 2025 ආපු එකක් නෙමෙයි.

ඉතින් මේ බංකොළොත් දේශපාලන කණ්ඩායම්වලට මේ උත්සහයන් තවදුරටත් සිදුකරන පුළුවන් වෙයි කියලා. මේ කණ්ඩායම් මේ දියවෙමින් තියෙන්නේ. මේ එයාලගේ දේශපාලන ව්‍යාපාරය දිය වෙන එක වහගන්න ගත්ත උත්සහයක් මේක.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *