මම කී අනාවැකි වැරදී නැහැ…. ලබන මැයි වෙද්දි මේ ආණ්ඩුව ගෙදර…! – නලීන් බණ්ඩාර…

May 25, 2025 at 9:26 am | by emanisa.lk

ලබන වසරේ මැයි 24 වැනි දා වන විට වත්මන් ආණ්ඩුව ගෙදර යවන බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

“බලන් ඉන්න. මම අද කිව්වා කියල හිතාගන්න. අද මැයි මාසේ 24. මේගොල්ලෝ ලබන මැයි 24 වෙනකොට ගෙදර යවනවා. අපි නෙවෙයි ඒගොල්ලන්ට ජන්දේ දීපු අය.

කොහොම හරි මේ ආණ්ඩුව කොළඹ මහ නගර සභාව පිහිටුවීමට කටයුතු කළොත් එයාලා ගෙදර යන දවස තවත් මාස තුනකින් ඉදිරියට එනවා.”

ඒ අනුව වත්මන් ආණ්ඩුව තව වසරක් යන විට අවසන් වන බව තමන් විශ්වාසයෙන් පවසන බවත් මීට පෙර තමන් කී අනාවැකි ද හරිගිය බවත් මන්ත්‍රීවරයා තව දුරටත් ප්‍රකාශ කරයි.

නලින් බණ්ඩාර මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (24) කොළඹ දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *