ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජුනි මස 10 වනදා ජර්මනියේ නිල සංචාරයක නිතර වීමට නියමිතය.
අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව තහවුරු කළේය.
“අපේ සංචාරක ක්ෂේත්‍රය වැටෙන්න කලින් ජර්මානු ඇතුළු යුරෝපා සංචාරකයෝ අපට ආවා. අද ඒක අඩුවෙලා තියෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා ජර්මානු සංචාරකයන් ලංකාවට පැමිණීම වැඩි කරන්න, දෙරට විදියට අපට මොනවද කරන්න පුළුවන් කියල සාකච්ඡා කරන්න.
අපි පිරිස වැඩි කරනවා වගේම ඉහළ මට්ටමේ සංචාරකයන් කැඳවා ගැනීම ඉලක්ක කළ යුතුයි”