ප්‍රමුඛ පෙළේ සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක්….!

May 23, 2025 at 10:42 am | by emanisa.lk

ගල්ඔය වැවිලි සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් නිකුත් කිරීමට සුරාබදු කොමසාරිස්වරයා මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වාර්තා වේ.

හිඟුරාන සීනි සමාගම යටතේ සිදුකෙරුණු මත්පැන් නිෂ්පාදන ව්‍යාපාරය මේ වන විට වෙනත් පාර්ශ්වයක් විසින් පූගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන බැවින් මෙලෙස නව බලපත්‍රයක් ලබා දීමට දැනුම් දී ඇත.

ගල්ඔය වැවිලි සමාගමේ කොටස් 49%ක ප්‍රමාණයක් බ්‍රවුන්ස් සහ LOLC සමාගම් සතු වන අතර එම සමාගම් දෙකේම හිමිකරු ව්‍යාපාරික ඉෂාර නානායක්කාර ය.

පසුගිය ආණ්ඩුව ලබා දුන් සුරාසැල් බලපත්‍ර අහෝසි කරන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීම වරුණ රාජපක්ෂ, දර්ශන හඳුන්ගොඩ වැනි අය විවේචනය කරනු දැකගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *