සහල් ආනයනයට ආණ්ඩුවක් හෝ ඇමතිවරයෙකු අනවශ්‍ය බවත් ඒ සඳහා පිටකොටුවේ මුදලාලියෙකු ප්‍රමාණවත් බවත් විපක්ෂයේ සිට කී වත්මන් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්තිට දෛවයේ සරදමට මුහුණදීමට සිදුව ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
සුනාමියට රටේ සියලු ලේවායන් යට වූ අවස්ථාවේ පවා හිඟයක් නොමැති වූ ලුනු ටික පවා සපයා ගැනීමට නොහැකි වී ඇත්තේ වැඩබැරි ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව නිසා බව ද හෙතෙම සඳහන් කරයි.
ජනතාවට ලුනු ටික සැපයීමට අසමත් ඇමති සුනිල් හඳුන්නෙත්තිට විපක්ෂයේ සිට කී ආකාරයට ම කොන්ද පණ ඇත්නම් සිය ඇමතිකම පිටකොටුවේ මුදලාලි කෙනෙකුට දිය යුතු බව ද චමින්ද විජේසිරි ප්‍රකාශ කරයි.
අද (22) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.