ආණ්ඩුව රණවිරු සැමරුමට මහින්දට එන්න දුන්නේ නෑ…! – සාගර කාරියවසම්…

May 20, 2025 at 9:47 am | by emanisa.lk

ආණ්ඩුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජාතික විජයග්‍රහණ රණවිරු සැමරුමට සහභාගී වීමට අවස්ථාව ලබා නොදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට සේනාධිනායකයා ලෙස ද විධායක ජනාධිපතිවරයා ලෙස ද නායකත්වය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාය.

හිටපු ජනාධිපතිවරයා සහ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හැර එවක ත්‍රිවිද හමුදාපතිවරුන් තිදෙනා මෙම අවස්ථාවට එකතු වූහ.

කොටි පරාජය කරන තීරණාත්මක යුද අවස්ථාවේ දීප ව්‍යාප්ත වැඩ වර්ජන කැඳවමින් ද අයවැය පරදා ආණ්ඩුව බිඳ දැමීමට ද උත්සාහ කළ අනුර දිසානායකට ජනාධිපති ධුරයට පත්වීමට කැනඩා දෙමළ ඩයස්පෝරාව උදව් කළ බව ද ඊට කෘතගුණ පිණිස මෙවැනි කටයුතු කරන බව ද පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *