මල්වතු මහා නාහිමියන්ගෙන් විශිෂ්ට තීන්දුවක්…. පන්සලේ චාල්ස් තෝමස් ලවා වැදි බණ දෙසූ භික්ෂුව තනතුරින් පන්නයි…!

May 19, 2025 at 2:31 pm | by emanisa.lk

මහා නායක ස්වාමීන් වහන්සේලාගේ නියෝගයට අනුගත නොවී දේවගැති චාල්ස් තෝමස්ගේ කඳුල වැඩසටහනක් ඓතිහාසික පාදෙණිය රාජමහා විහාරස්ථානයේ සිදුකළ කටුමුළුවේ සුමනරතන හිමියන්ට මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ සුමංගල හිමි සිය බලවත් අප්‍රසාදය පළකර තිබේ.

එසේම එම සංඝ සභාවේ තීන්දුව අනුව එහිමියන් මෙතෙක් දැරූ දේවමැදි පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවීමට ද මහ නාහිමියන් කටයුුතු කර ඇත.

දේවගැති චාල්ස් තෝමස් බෞද්ධ විහාරස්ථානවල වැඩසටහන් සංවිධානය කිරීමට බෞද්ධ ගිහි පැවිදි දෙපාර්ශ්වය ම දැඩි විරෝධය පළ කරන පසුබිමක මෙවැනි භික්ෂූන් වහන්සේලා මහා නාහිමිවරුන්ට පවා එරෙහි වෙමින් එම කටයුතුවල නිරත වීම සමාජයේ කතා බහට ලක්ව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *