ජාතික විජයග්රහණ දින සැමරුමට ජනාධිපති අනුර දිසානායක මහතා සහභාගී නොවන බවට කතාවක් ප්‍රචාරය කළේ විපක්ෂය විසින් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර පවසයි.
විපක්ෂය විසින් ගොතන ලද මෙම කතාව සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන තහවුරු කිරීමට කටයුතු කරමින් ඇති බවට ද ඔහු චෝදනා කරයි.
මේ අතර පසුගිය 16 වෙනිදා රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ජාතික විජයග්‍රාහී දින සැමරුම නි. ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.
කෙසේ වුව ද ඔහු නැවත ඊයේ (18) ප්‍රකාශ කළේ ජනාධිපති අනුර දිසානායක ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවයි.