විපක්ෂේ ගේමක් ගහලා සභා පිහිටෙව්වත් අපි සල්ලි දෙන්නේ නෑ…! – ඇමති බිමල්…

May 16, 2025 at 9:56 am | by emanisa.lk

විපක්ෂය කවර ආකාරයෙන් හෝ එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවුවහොත් එම ආයතනවලට ආණ්ඩුවෙන් මුදල් ලබා නොදෙන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

“එහෙම පළවෙනියා වෙන්න බැරි බව ශුද්ධ වූ පාප් වහන්සේගේ තේරීමෙනුත් ඔප්පු වුණා. විපක්ෂය මොනවා හරි ගේමක් ගහලා සභාවක් පිහිටුවන්න බලනවා නම් අපිට පිස්සු නෑනෙ මේ රටත් කාලා, ගමත් කාපු මේ දේශපාලුවන්ට රටේ සල්ලි දෙන්න අමතරව ? එහෙම කරන්නෙ නෑ.”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඒ පක්ෂ වගකීම ගන්න ඕනෙ ?

“අනිවාර්යයෙන්ම වගකීම ගන්න ඕනෙ. මේ මුඩුක්කු කොච්චර තියෙනවාද මේ නගරයේ ? ඩෙංගුවලින් කොච්චර මැරෙනවාද ? මේ නගරයේ මං හිතන්නෙ මීයෝ විතරක් ඉන්නවා මිලියන් දෙකක් විතර. හැම හොඳ දෙයම විනාශ කරපු ආණ්ඩුවක් මේ පොහොට්ටුව කියන්නෙ. මහ ලොකු දේශපාලන නෙවෙයි, ක්‍රීඩාවෙ හරි කුමන හෝ හොඳක් තිබුණා නම් ඒ සියල්ල විනාශ කරපු ආණ්ඩුවක් පොහොට්ටුව කියන්නෙ.

ඒකෙ හිටපු ප්‍රධාන පෙළේ ජාතිවාදී නායකයෙක් තමයි ගම්මන්පිල කියන්නෙ. හකීම් මහත්තයා දැන් අදහන්නෙ ගම්මන්පිල ද නැත්නම් නබිතුමාද? රවුෆ් හකීම් මහත්තයා පැරදිච්ච සජබ අස්සෙ එල්ලුණාට එතුමාගෙ පත්වුණු මන්ත්‍රීලා සමහර විට ජාතික ජන බලවේගයත් එක්ක යන්න තීන්දු කරලා ඇති. ඒක හින්දා තමයි එතුමා දැන් කියන්නෙ පෙරළුණු පිට හොඳයි කියලා.”

බිමල් රත්නායක මේ බව පැවසුවේ ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *