ඡන්දේ කාලේ කුඩු බෙද්ද විපක්ෂයේ අයගේ නම් හෙළිකරනු….! – මනෝ ගනේෂන්….

May 13, 2025 at 4:47 pm | by emanisa.lk

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

විපක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය තුළ කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය සිය ආධාරකරුවන් අතර බෙදා දුන් බවට සිදුකළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කීය.

“පසුගිය මැතිවරණ කාලේ විපක්ෂ කණ්ඩායම් තමන්ගේ ආධාරකරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා දුන් බවට නි. අමාත්‍ය චතුරංග අබේසිංහ චෝදනා කරනවා. මැතිවරණය අමතක කරමු. නමුත් ඔහු නගන චෝදනාව බරපතළයි. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මත්ද්‍රව්‍ය බෙදා දුන් විපක්ෂයේ සියලු දෙනාගේ නම් ඇතුළු විස්තර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලබා දෙන්න කියලා. ඒ වගේ ම එම තොරතුරු මැතිවරණ සමයේ පොලිසියට දැනුම් නොදුන්නේ ඇයි ද කියලාත් නි. ඇමතරිවරයා පැහැදිලි කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *