ට්‍රම්ප් ජනපති අනුරට හොඳටම කීකරු වෙයි… චීනයට පැනවූ බද්දත් ආපසු හරවයි….!

May 12, 2025 at 4:17 pm | by emanisa.lk

දින 90ක කාලයක් සඳහා දෙපාර්ශ්වයම එකිනෙකා මත පනවා ඇති ආනයන තීරුබදු සැලකිය යුතු ලෙස අඩු කරන ගිවිසුමකට ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය එකඟ වී තිබේ.

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විදෙස් මාධ්‍යට පැවසුවේ දෙරට අතර දින 90ක් සඳහා ඔවුන්ගේ අන්‍යෝන්‍ය තීරුබදු 115% කින් අඩු කරන බවයි.

සති අන්තයේ ස්විට්සර්ලන්තයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර තිබේ .

ජනවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවට ඇතුළු වන චීන භාණ්ඩ සඳහා ඉහළ තීරුබදු පැනවීමෙන් පසු දෙරට අතර පැවති පළමු හමුව මෙය විය.

ඇමරිකාව මීට පෙර සෙසු රටවලට දින 90ක බදු සහනයක් ලබා දුන් අතර නි. අමාත්‍ය චතුරංග අබේසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉල්ලීමට එය සිදුකළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *