විනාඩියට නව දෙනෙකුට ආණ්ඩුව එපා වෙනවා…! – සුගීෂ්වර බණ්ඩාර….

May 9, 2025 at 4:42 pm | by emanisa.lk

ජනාධිපතිවරණය ජයගත් නොවැම්බර් 15 වෙනිදා සිට මාර්තු 06 වෙනිදා දක්වා දින 173ක් ඇතුළත වත්මන් ආණ්ඩුවට සිය ඡන්ද 23 59206ක් අහිමි වී ඇති බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පවසයි.

“ආණ්ඩුවේ බොරුව කයිවාරුව සහ පරස්පරතාව නිසා ආණ්ඩුවට ඡන්දේ දුන් ජනතාව දිනකට 13637ක් ආණ්ඩුව අතහැර යනවා. ඒ කියන්නේ ආණ්ඩුවට ඡන්දේ දුන් 68 ලක්ෂයෙන් 13 637ක් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. පැයකට 3179ක් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. පැයකට 568ක් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. විනාඩියකට නව දෙනෙක් ඉවත් වෙනවා. මේ විදිහට ඡන්ද පදනම හේදිලා ගියොත් ජනාධිපතිතුමාට ඉතිරි වෙන්නේ දවස් 330යි.”

සුගීෂ්වර බණ්ඩාර මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *