ඉතිහාස වාර්තා අලුත් කරමින් නව පාප්තුමා ඇමරිකාවෙන්… ,ලංකාවට මෙවරත් නෑ…!

May 9, 2025 at 9:09 am | by emanisa.lk

දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් කාදිනල්තුමා අභිනව පාප් වහන්සේ ලෙස ඊයේ (08) පස්වරුවේ තේරී පත්විය.

ඒ අනුව උන් වහන්සේ 14 වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර ඇත.

69 වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේය.

එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා ද ලෙසින් ඉතිහාසයට එක්විය.

ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් 14වන ලියෝ පාප් වහන්සේ නායකත්වය දෙනු ඇත.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය.

88 හැවිරිදි වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *