මාලිමාණ්ඩුව හය මාසෙන් කළ දේ කිසිවකු කර නෑ… එය ලෝක වාර්තාවක්…! – ගම්මන්පිල….

May 8, 2025 at 2:03 pm | by emanisa.lk

මාස 06ක් ගත වන්නට පෙර මාලිමාවේ ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩු වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

මෙය ලෝක වාර්තාවක් බවත් ලෝක ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මාස 6ක් ඇතුළත සිය ඡන්ද පදනම 34%කින් නැත්නම් 1/3කින් අහිමි කර ගෙන නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට තමන්ට බහුතරය අහිමි පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීම සඳහා ආණ්ඩුව සභාපති තෝරණ ඡන්දයේ දී ඇතැම් විපක්ෂ දේශපාලන පක්ෂ නිහඬ කිරීම සඳහා ඩීල් දමමින් ඇතැයි ද ගම්මන්පිල චෝදනා කරයි.

විපක්ෂයේ යම් පිරිසක් ඡන්ද විමසීමේ දී නිහඬ කොට එහි බලය ලබා ගැනීම ආණ්ඩුවේ සැලසුම වී ඇතැයි ද උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.

පිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *