ගමේ ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුව තිගැස්සෙයි… කඩිමුඩියේ පළාත් සභා මැතිවරණය කැඳවයි…!

May 8, 2025 at 12:35 pm | by emanisa.lk

වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන සඳහා දැනටමත් ආණ්ඩුව විසින් ක්‍රියාමාර්ග ගනිමින් ඇත.

පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රතිඵලයත් සමඟ පළාත් සභා මැතිවරණය ද ඉක්මනින් පැවැත්වීමට අවධානය යොමුවී ඇත.

පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම ජනාධිපතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ෂ 12කින් ද අනතුරුව පැවැති මහා මැතිවරණයට සාපේක්ෂව ලක්ෂ 24කින්ද පහත වැටී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදීද පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමේ වැදගත්කම දෙරට ඒකාබද්ධ ප්‍රකාශනයෙන්ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *