මෙවර පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂය සම්පූර්ණයෙන්ම සේදී ගොස් ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
“සජිත් හීන මවනවා සැප්තැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ වෙනකොට ජනාධිපති වෙන්න. 339 කින් 15ක් – 20ක් දිනාගන්න බැරි පක්ෂයකින් ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්ද? ඒකෙන් 05ක් දිනාගන්න බැරි රනිල් වික්‍රමසිංහට ජනාධිපති හීනයක් හිතන්නවත් පුළුවන්ද? පැහැදිලිවම මේක පේනවා විපක්ෂය හේදිලා ගිහිල්ලා තියෙන්නෙ. ආයෙ ඉඩක් නෑ. එකම දේ තියෙන්නෙ අර ජනාධිපතිතුමා කිව්වා වගේ අභියෝගය තියෙන්නෙ අප තුළමයි.”
නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මේ බව පැවසුවේ ඊයේ (07) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.