රටම එකම පාතාළ වෙඩි පිටියක් වෙයි…. සති 17ට වෙඩි තැබීම් 42කින් 28ක් මරුට…!

May 6, 2025 at 10:45 am | by emanisa.lk

පාතාළය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ ගැටුම් නිසා මේ වන විට මහජන ආරක්ෂාව පිළිබඳ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් මතුව තිබේ.

පොලිසිය පවසන පරිදි ඊයේ ගල්කිස්ස ප්‍රදේශයේ දී සිදු වූ 19 හැවිරිදි තරුණයාගේ ඝාතනයත් සමග මෙම වසරේ ගත වූ මාස 5 තුළ වෙඩි තැබීම් සිද්ධි 42ක් වාර්තා වී තිබේ. මෙම ගැටුම් නිසා 28 දෙනෙකු මරුමුවට පත්ව 23 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඝාතනයට ලක් වූ 28 දෙනා අතුරින් 24 දෙනෙකු පාතාළයට සම්බන්ධ යැයි විශ්වාස කෙරෙන අතර මෙම වෙඩි තැබීම් සිද්ධිවලට අදාළව සැකකරුවන් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *