ප්‍රබල ඇමති ලක්ෂ 600ක නිවස ලක්ෂ 100ට ලියා ගනී… සාක්ෂියට අත්සන් කළේ මාලිමා මන්ත්‍රීවරියක්….!

May 4, 2025 at 12:08 pm | by emanisa.lk

හොරු ඇල්ලීමට බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් රුපියල් ලක්ෂ 600ක් වටිනා නිවසක් රුපියල් ලක්ෂ 100කට ලියාගෙන ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

“හොරකම එදාට වඩා සිද්ධ වෙනවා. වංචාව දූෂණය සිද්ධ වෙනවා. හෙට අනිද්දා අපි මාධ්‍යයට කියන්නම්, අනුරාධපුර පැත්තෙ එක්කෙනෙක් ඉන්නවා මේ පැත්ත බැලුවාම මේ පැත්ත පේන්නෙ, ලක්ෂ 600ක ගෙයක් ලක්ෂ 100 කට ලියාගෙන තියෙනවා. මේ මාධ්‍ය ඉස්සරහා කියන්නෙ. ඔය පනතක් සම්මත වෙලා තියෙනවා. ඒ පනතේ තියෙන්නෙ අයථා විදියට දේපළක් උත්පාදනය කරලා තියෙනවා නම් ඒක නැවත පවර ගන්න පුළුවන් වැඩපිළිවෙළ.

ඒකෙ මුල්ම පැමිණිල්ල දාන්නෙ මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්ට කියලා මතක තියාගන්න. අපට ආරංචිය ඇවිල්ලා තියෙනවා මේකට මුදල් ගෙවලා තියෙන්නෙ වෙළඳ අමාත්‍යාංශයට සම්බන්ධ ආයතනයක් කියලා. මාස හයයි ඈ … කොහොමද ? සිල්ගත්තා වගේ හිටියට … ලක්ෂ 100 කට ලියාගෙන, දන්න විදියට පාර්ලිමේන්තුවේ ඉන්න NPP එකේ මන්ත්‍රීතුමියක් තමයි ඔප්පුවට අත්සන් කරලා තියෙන්නෙ. එයාලා මේ හොරකම වංචාව අල්ලනවා කියලා ඇවිල්ලා අද ඩබල් කැබ්වල ගිහිල්ලා හොරා කන්නෙ. වංචාව, දූෂණය, හොරකම නැතිවෙලා නම් 160 ට තිබුණු හාල් කිලෝව 100 ට දීපල්ලාකො. එහෙම වුණා නම් අපි කියන ඒවා වැරදියි.”

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *