මෙවර වැඳගන්න බැරි වුණ අය දුක් වෙන්නෙපා… මාස තුනකින් පළාත් සභා ඡන්දෙටත් දළදා වන්දනාවක්….!

May 1, 2025 at 10:52 am | by emanisa.lk

දන්ත ධාතූන් වහන්සේ දැක බලා ගැනීමට මෙවර සිරි දළදා වන්දනාවේදී අවස්ථාව නොලැබුණු අයට දුක් වීමට අවශ්‍යතාවක් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම සඳහන් කරයි.

ඒ තවත් මාස තුනකින් දළදා වන්දනාවක් නැවතත් පැවැත්වීමේ හැකියාවක් තිබෙන නිසා බවද ඔහු පවසයි.

තවත් මාස තුනකට පමණ පසු පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇති බවත් ඒ කාලයේදී දළදා ප්‍රදර්ශනයක් සිදු කිරීමේ බොහෝ ඉඩකඩක් ඇති බවත් හෙතෙම අනුමාන කරයි.

පළාත් පාලන මැතිවරණයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

අතීතයේ දළදා වහන්සේට බෝම්බ ගැසූ අය ඡන්දය දිනා ගැනීමට අවශ්‍ය වන විට දළදා ප්‍රදර්ශන පවත්වන තැනට පත්ව ඇති බව ද ඔහු එහිදී චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *