සුසාන භූමි මල් වතු මෙන් නඩත්තු කිරීමට ප්‍රාදේශීය සභාවලට හැකි බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ, අවශ්‍ය නම් එහි මිහිදන් කරන අය වෙනුවෙන් මුදලක් අය කිරීමට ද හැකියාව ඇති බවයි.
ජාතික ජන බලවේගයට ජනාධිපති ධුරයත්, පාර්ලිමේන්තු බලයත් පමණක් නොව ප්‍රාදේශීය සභා බලයද ඉදිරි මැතිවරණයේදී අවශ්‍ය බව ද ඔහු තව දුරටත් ප්‍රකාශ කරයි.
ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය.