අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ ලැබුණු යුගය අවසන් කළා…! – අගමැතිනිය….

April 29, 2025 at 2:25 pm | by emanisa.lk

මෙතෙක් කල් රටේ අපරාධ සඳහා දේශපාලන රැකවරණ ලැබුණු බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.

ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලැබුණු බව ද අගමැතිනිය ප්‍රකාශ කරයි.

තව දුරටත් අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ නොලැබෙන බවත් නීතිය කඩන ඕනෑම අයකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් හරිනි අමරසූරිය අවධාරණය කරයි.

ඈ මේ බව සඳහන් කළේ, දෙමටගොඩ පැවති ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණ ජන හමුවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *