මුතු රාජා සදහට ම ලංකාවට අහිමි වෙයි…නැවත නොඑවීමට තායි රජයේ තීන්දුවක්…!

April 28, 2025 at 5:17 pm | by emanisa.lk

ප්‍රතිකාර ලබාදීමට තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා හස්තියා නැවත ශ්‍රී ලංකාවට ලබා නොදීමට එරට රජය තීන්දු කර තිබේ.

ඇත්ගොව්වන්ගේ හිරිහැර නිසා ලද තුවාලවලට ප්‍රතිකාර ලබා දීම සඳහා මුතු රාජා තායිලන්තයට රැගෙන ගියේ 2023 වසරේ දීය.

ප්‍රතිකාර සඳහා දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ඒමට පෙර කන්දේ විහාරයේ දී මෙම හස්තියා හිංසනයට ලක්ව තිබිණි.

2024 වසරේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය කණ්ඩායමක් මුතු රාජාගේ සුවදුක් සොයා බැලීමට තායිලන්තයට ගිය අතර මේ වන විට ඇතු පූර්ණ සුවය ලබා තිබේ. ඇතු සුවපත් කිරීමට රු. මිලියන 200ක් වැය කිරීමට තායි රජය සැලසුම් කර තිබිණි.

මේ අතර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සෙසු ඇතුන් පිළිබඳ විමර්ශනයක් කිරීමට ද තායිලන්ත රජය කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *