ගෝඨාණ්ඩුව වගේ මාලිමාණ්ඩුව එළවන්න අදහසක් නෑ…! – දුමින්ද නාගමුව….

April 26, 2025 at 2:20 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව වැට්ටීමේ අදහසක තමන් නොමැති බව ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව ප්‍රකාශ කරයි.

මාස හයෙන් හයට ආණ්ඩු පෙරළමින් රටකට ඉදිරියට යා නොහැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එහෙත් එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පළවා හැරීමේ තීන්දුවක සිට තමන් කටයුතු කළ බව ද දුමින්ද නාගමුව අවධාරණය කරයි.

එහෙත් ආණ්ඩුව ඉතාම උඩඟු ප්‍රජාතන්ත්‍ර විරෝධී ආස්ථානයක සිට කටයුතු කරන හෙයින් ඊට විරුද්ධව බලවේගයක් ගොඩනැඟීමට ජනතාව ඉදිරි මැතිවරණයේ දී කටයුතු කළ බව හෙතෙම සඳහන් කරයි.

ජන අරගල සන්ධාන පළාත් පාලන මැතිවරණ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *