ගමේ ජවිපෙ සාමාජිකයා මානසිකව වට්ටන්න එපා… නාමල් ජනපතිගෙන් ඉල්ලයි…!

April 26, 2025 at 12:11 pm | by emanisa.lk

උගන්ඩාවේ සඟවා ඇති මුදල් නොගෙන ආවහොත් ගම්වල ජවිපෙ සාමාජිකයන් මානසිකව ඇද වැටෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එහෙයින් උගන්ඩාවේ සඟවා ඇති තමන්ගේ මුදල් ගෙන ඒමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එසේ නොකරන්නේ නම් තමන් රටට බොරු කී බව පිළිගන්නා ලෙස ද නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් පාලන මැතිවරණ ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *