මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වූ සිවු දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
පොලිසිය පවසන්නේ ඉන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති අතර තවත් කාන්තාවක් ත්රී රෝද රථයක ගැටී මිය ගොස් ඇති බවයි.
මිය ගිය අය කුලියාපිටිය, බණ්ඩාරගම, ගලිගමුව සහ කුරුණෑගල ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.
අම්පිටිය ප්රදේශයේ පොලිමේ රැඳී සිට කාන්තාවක සහ පිරිමි අයෙක්, කටුගස්තොට නගරය ආසන්නයේ පෝලිමේ සිටි කාන්තාවක්ද මියගොස් ඇත. මියගිය සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්ම වූ අය බව ද වාර්තා වෙයි.
මේ අතර මහනුවර රෝහල පවසන්නේ අවසන් දිනයේ රෝගී වූ වන්දනාකරුවන් 420ක් රෝහල්ගත කරන ලද බවත් තවත් විශාල පිරිසකට බාහිර ප්රතිකාර ලබා දී ඇති බවත්ය.