පාස්කු ප්‍රහාරය හරිම සංකීර්ණයි… මහ මොළකරු හොයන වැඩේ CIDයට භාර දෙනවා…! – ඇමති නලින්ද ජයතිස්ස…

April 23, 2025 at 2:26 pm | by emanisa.lk

මෙරටට එල්ල වූ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළකරුවන් හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“පරීක්ෂණ නිසි පරිදි සිදුවෙනවා. ඒකට දින වකවානු හරියට කියන්න බෑ. අපි වැඩ කරන්නේ ජනවරම අනුව. මේ කුමන්ත්‍රණයට නියමයෙන් හෝ අනියමින් සම්බන්ධ අයගේ කලබලයට ආණ්ඩුව කලබල වෙන්නේ නෑ. ගම්මන්පිල පන්නයේ කලබල වීම් ඉදිරියට තව ඕන තරම් වේවි.

නමුත් ඒ කලබල වීම් ආණ්ඩුව ගණන් ගන්නේ නෑ. විමර්ශන හරියට වෙනවා. පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කටයුත්ත අතිශය සංකීර්ණ වැඩක්. ඊට අදාළ තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතිනවා.”

ඔහු මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් 21 දාට පෙර හෙළි කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යවේදීන් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *