මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට හුලංගමුව පිටුපායි….!

April 20, 2025 at 9:50 am | by emanisa.lk

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය සඳහා ආණ්ඩුව යෝජනා කර ඇති ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව එම තනතුර ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

මුදල් අමාත්‍යංශ වත්මන් ලේකම් මහින්ද සිරිවර්ධන එම ධුරයෙන් ඉවත් වීමෙන් පසු එම තනතුර සඳහා දුමින්ද හුලංගමුව යෝජනා කර තිබිණි.

ඔහු මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන බැවින් මෙම තනතුර බාරගැනීම අයෝග්‍ය බව හුලංගමුව ප්‍රකාශ කොට ඇතැයි වැඩි දුරටත් දැන ගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *