ජාතිවාදය පරාජය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනය අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
“රටක් ඉදිරියට යද්දි වැදගත්ම දේ ආර්ථික ස්ථාවරත්වය හදන්න ඕනා. එත් අපිට තිබුණේ අස්ථාවර ආර්ථිකයක්. ආර්ථිකය පිළිබඳව විශාල සැකයක් තිබුණා.ඒත් අපේ පාලන කාලය තුළ ක්‍රමානුකූලව සකස් වෙලා තියෙනවා රටේ ආර්ථිකය යළි ස්ථාවර කරන්න.
මේ සිංහල හා දෙමළ අවුරුද්ද තමයි ලංකාවේ ජනතාව එක් රැස් වෙලා ප්‍රබෝධයෙන් සමරපු අවුරුද්ද. ඒක අපිට පේනවා ක්‍රමානුකූලව ජනතාව සාමාන්‍ය ජන ජීවිතයට හුරු වෙනවා.”
තලවකැලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසීය.