ගම්මන්පිලයෝ කෙඳිරි නොගා හිටපන්… පිල්ලෙයාන් ප්‍රභා මරලා රට එක්සේසත් කළ දුටුගැමුණු ද…? – ඇමති සුනිල් හඳුන්නෙත්ති…

April 18, 2025 at 1:14 pm | by emanisa.lk

උදය ගම්මන්පිල ප්‍රකාශ කරන පරිදි ප්‍රභාකරන් පරාද කොට ගැමුණු රජතුමා මෙන් රට එක්සේසත් කොට ඇත්තේ පිල්ලෙයාන් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

“ගම්මන්පිලයා කියන විදිහට අපි පිළිගන්න ඕන, පිල්ලෙයාන් ජාතික වීරයෙක් හැටියට. ඕක පිටිපස්සේ තව කට්ටිය ඉන්නවා. ගම්මන්පිලය කියන්නේ බිල්ල. ඇම දාලා බලන්නේ. ගම්මන්පිලයෝ පොඩ්ඩක් ඉඳපන්. කෙඳිරි ගාන්නේ නැතිව.

පාස්කු ප්‍රහාරෙට අහිංසකයෙක් මාට්ටු කරන්න යනවා කියලා මතයක් හදන්න යන්නේ. යකෝ මේක පාස්කු ප්‍රහාරේ සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. ඉක්මන් වෙන්න එපා. කෙහෙල් කැන වැට පැනලා දැන්. පුහුල් හොරා කරෙන් දැනේ.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ. ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *