දළදා වන්දනාව ජනපති ප්‍රධානත්වයෙන්…. සමාරම්භයට විශේෂ ආරාධිත පිරිසක්… vip පෝලිම් නෑ…!

April 18, 2025 at 12:27 pm | by emanisa.lk

වසර 16කට පසු පැවැත්වෙන සිරි දළදා වන්දනාව අද (18) දහවල් ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

මැති ඇමතිවරුන් ඇතුළු විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් මෙම අවස්ථාවට එක්වීමට ආරාධනා ලැබ ඇති අතර ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් මහනුවරට කැටුව යාමට සැලසුම් කර තිබිණි.

මෙවර දළදා ප්‍රදර්ශනය සඳහා සාමාන්‍ය පෝලිම් මිස vvip හෝ vip පෝලිම් නොමැති වීම විශේෂත්වයකි.

ආරම්භක උත්සවයෙන් අනතුරුව පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසාදී තිබෙන අතර අනිද්දා (19) සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *