මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අත්හිටුවා ඇත්තේ තාවකාලිකව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
“අපි දන්නවා මේ මන්නාරම විශාල සුළංවලින් විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් තැනක්. පහුගිය කාලේ ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී පරිසර විනාශයන් සිදුවන ආකාරයට එම ව්‍යාපෘතිවලට එකඟතාව පළ කරලා තියෙනවා. දැනට අපි ඒව තාවකාලිකව නතර කරල තියෙනවා.
නමුත් මේ සම්පතෙන් ප්‍රයෝජනය ගන්න ඔබගේ අදහස් විමසමින් පරිසර හානිය අවම වන පරිදි ජනතාවගේ ජීවිතවලට හානියක් නොවන ආකාරයට වැඩ කරන්න අපි ලෑස්තියි. ඒක තමයි ආණ්ඩුවක් කියන්නේ.
තමුන්නාන්සේලා තමයි මේ පළාත්වල හිමිකාරයෝ. එම නිසා පළාත්වල ප්‍රශ්න දන්නෙ ඕගොල්ලෝ. ඒ නිසා පරිසර හානියක් සිදු කරන විනාශකාරී ව්‍යාපෘතිවලට ඉඩ දෙන්නේ නැහැ. සෑම ව්‍යාපෘතියක්ම ජනතාවගේ එකඟතාවෙන් අවම පරිසර හානියෙන් සිදු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.”
ජාතික ජන බලවේගය විසින් මන්නාරම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවක් ඒ මහතා මෙසේ පැවසුවේය.