මුළු බලය යොදා හොරු අල්ලන්නේ නෑ… ගෙදර යන ගමන් හොරු අල්ලනවා..! – ඇමති විජිත හේරත්…

April 17, 2025 at 12:19 pm | by emanisa.lk

සිය ආණ්ඩුව බලය ලබා ගත්තේ වසර 05ක් සඳහා වුව ද ජනතාව විශාල බලයක් ලබා දී බොහෝ දේ ඉක්මනින් බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

එහෙත් ආණ්ඩුවේ සමස්ත බලය යොදමින් හොරු ඇල්ලීමට සහ දූෂිතයන්ට දඬුවම් ලබා දීමට ගියහොත් ආර්ථිකය බිඳ වැටීමේ අවධානමක් ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.

ආර්ථිකය වැටීමට නොදී ඉදිරියට රැගෙන යන අතර ජනතාව විසි හතර පැයක් තුළ සිදු කළ යුතු යැයි සිතූ කටයුතු ද ගෙදර යන ගමන් සෙසු කටයුතු ද කරන ආකාරයට අනිවාර්යෙන් ම ඉටු කරන බව ඇමති විජිත හේරත් අවධාරණය කරයි.

සිරස රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *