මැතිවරණ නීති උල්ලංඝණය වන දේශපාලන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපති අනුර දිසානායක දැනුම්වත් කරන්නැයි දැනුම් දෙමින් මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමට කළ පැමිණිලි පදනම් කරගෙන මෙම ලිපිය යොමුකර ඇති බව එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගයට පළාත් පාලන මැතිවරණයේදී බලය හිමි නොවන ආයතනවලට ප්‍රතිපාදන වෙන් නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කිරීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය වී ඇති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙසේ පැමිණිලි කර තිබිණි.
එම ප්‍රකාශයේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පනතේ 82සී (අනිසි බලපෑම්) සහ 82 ඩී (උපරිම වාසි පොරොන්දු කිරීම්/දීමනා) වගන්තිවල පැහැදිලි නීති උල්ලංඝණ යක් බව නිරීක්ෂණ සංවිධාන පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරයා සාමාන්‍ය මන්ත්‍රිවරයෙකු නොවන අතර මුදල් පැවැරුම් සම්බන්ධයෙන් තීරණය කෙරෙන පරිදි බලය ඇත්තේ ඔහු වෙත බවත් එම නිසා මෙවැනි ප්‍රකාශ වඩාත්ම නීති විරෝධී ජාතික මට්ටමේ බලපෑමක් ඇති කරන බව ත් එහි දැක්වේ.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවරකට යෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35-1 වගන්තිය මගින් අවහිර කර ඇති බැවින් මැතිවරණ කොමිසම මෙසේ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්වත් කර ඇතැයි එම කොමිසම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.