විදුලි ගාස්තු අඩු කිරීමෙන් ලංවිමට පාඩුයි….!

April 16, 2025 at 11:00 am | by emanisa.lk

පිරිවැය පහළ යාමක් නොමැතිව තව දුරටත් විදුලි ගාස්තු අඩුකිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ක්‍රියාකාරිත්වය දරුණු ලෙස අඩපණ විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කරනු ලැබූ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වන්නේ මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දී විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීම සිදුකරනු ලැබුවේ කෙතරම් දුරට පිරිවැය පිළිබඳ සලකා බලමින් ද යන්න විමසිය යුතු බවයි.

ඉකුත් වර්ෂයේ දී (2024) දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කෙරිණි. මාර්තු මාසයේ දී සියයට 21.9කින් හා ජුලි මාසයේ දී සියයට 22.5කින් විදුලි ගාස්තු අඩුකරනු ලැබීය. මේ අයුරින් විදුලි ගාස්තු අඩුකිරීම හේතුවෙන් වසර අවසාන භාගයේ දී මාසිකව උපයන ලද ලාභය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ වුවද විදුලිබල මණ්ඩලය ඉකුත් වර්ෂයේ දී රුපියල් බිලියන 148.6ක ලාභයක් ලබා ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *