ජාතික ජනබලවේග ආණ්ඩුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ ආචාර්ය අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස හතරක් ගතවෙයි.
ඔහු ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහුට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයයි.
තම උපාධි සහතිකය ඉදිරියේ දී පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව පවසමින් ඔහු ඉල්ලා අස්වූයේ පසුගිය දෙසැම්බර් මස 13 වැනිදාය.
අද වන විට මාස හතරක් ගත වී ඇතත් මෙතෙක් එම උපාධි සහතිකය ඉදිරිපත් කර නැත. ආචාර්ය අශෝක රන්වල සිය ආචාර්ය උපාධි සුදුසුකම් ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන බව සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කළ අතර ඇමති නලින්ද ජයතිස්ස ද එය තහවුරු කළේය.
ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ද ලබාගත් බව ඔහු පවසා ඇතත් මෙතෙක් ඒ දෙකටම අදාළ කිසිදු සහතිකයක් ඉදිරිපත් කර නැත.