ආණ්ඩුව රටේ ලක්ෂ 8ක් ජනතාවට රු. 5000 බැගින් වන බඩු මලු බෙදීම නතර කිරීමට විපක්ෂය කටයුතු කළ බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න චෝදනා කරයි.
විපක්ෂය විසින් එය මැතිවරණ කොමිසමට පැමිණිලි කළ නිසා මැතිවරණ කොමිසම එය නතර කළ බවයි, ඇමතිවරයා සඳහන් කළේ.
එය අපේක්ෂකයකු විසින් නොව රජය විසින් අවුරුදු සැමරීමට ලබා දීමට සැලසුම් කළ බවත් විපක්ෂය ජනතාවට කන්න දීමටවත් ඉඩ නොතබන බවට ඔහු චෝදනා කළේය.
ජාතික ජන බලවේග ජනහමුවක් අමතමින් ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව කීය.