ඉන්දීය යුධ අවි කර්මාන්තශාලා සහ අවි ගබඩා ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග ආරක්‍ෂක ගිවිසුමකට එළැඹ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ යයි දේශපාලන විචාරක දයාන් ජයතිලක සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ අත්සන් කළේ අවබෝධතා ගිවිසුමක් බවට ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් පැවසුවත් ඉන්දියානු මාධ්‍ය ඒ ගැන වාර්තා කරන්නේ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ ලෙස බව ද හෙතෙම පවසයි.
ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස සිටිය යුතුව බවත් ඉන්දිය චීන හෝ ඇමරිකානු පාර්ශ්වයක් ලෙස කටයුතු නොකළ යුතු බවත් පැවසූ ඔහු ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් නොකළ යුතු බව ද කියා සිටියි.
පවතින තත්ත්වය යටතේ මෙරට ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මහ ඇමති කෙනෙක් බවට පත්වෙමින් ඇති බවද හෙතෙම සඳහන් කළේය.
හිරු නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.