ලංකා විදුලි බල මණ්ඩලය සූර්ය මංගල්‍යය යෙදෙන අප්‍රේල් මාසයේ සූර්ය බල ශක්තිය හෙවත් සෝලා විදුලි ජනනය නවතා දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ඊයේ (10) හවස තුනේ සිට 21 වෙනිදා හවස 03 දක්වා කිලො වොට් 100ට වැඩි වහලය මත සවි කළ සියලු සෝලා විදුලි පද්ධති අක්‍රීය කිරීමට නියෝග කර ඇත.
මෙය සූර්ය විදුලි සම්පාදනයට එරෙහි එය අධෛර්යමත් කරන ක්‍රියාවක් වන අතර 2030 වන විට තවත් සෝලා විදුලිය මෙගා වොට් 2000ක් ජාලගත කිරීමේ ආණ්ඩවේ ප්‍රතිපත්තියට සපුරා විරුද්ධ ක්‍රියාවකි.
සෝලා විදුලිය අධෛර්යමත් කිරීම සඳහා බදු පැනවීමට ගත් තීන්දුව ආණ්ඩුව හකුළා ගත්තේ එළඹෙන මැතිවරණය අවසන් වන තුරු බවට සෝලා කර්මාන්තකරුවෝ චෝදනා කරති.