අවුරුද්දත් තෙලේ බැදෙයි… අවුරුදු කෑම මේසයේ වියදම 7%කින් ඉහළට…!

April 11, 2025 at 2:44 pm | by emanisa.lk

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2024ට සාපේක්ෂව මෙම වසරේදී 7%කින් වැඩි වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

එම ආයතනයේ නවතම සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ මෙම වැඩි වීමට මූලික වශයෙන් හේතුව පොල් මිල ඉහළ යෑම බවයි.

පසුගිය 2024 වසරට සාපේක්ෂව මේ වසරේ පොල් මිල සියයට 80ක වැඩි වීමක් සිදුවී තිබේ. ඒ අනුව, අවුරුදු කෑම මේසයක් පිළියෙළ කිරීමේදී දැරීමට සිදුවන මිල වැඩි වී ඇති බව කියයි.

එහි ප්‍රතිඵලයක් ලෙස පොල්තෙල් මිල 40%කින් ඉහළ ගොස් ඇති බවත් වෙනත් බොහෝ අමුද්‍රව්‍යවල මිල අඩු වී හෝ නොවෙනස්ව තිබී ඇති බවත් එම ආයතනය කියයි.

එසේම අවුරුදු කෑම මේසයේ වියදම 2019 දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතින බව වෙරිටේ කියයි.

කැවිලි මේසයක පොදු අංග අතරට කිරිබත්, කොකිස්, කෙසෙල්, අළුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් ඇතුළත් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *