කළු ගඟේ පාවෙන හෝටල් සහ මුහුදේ පාවෙන හෝටල් ඉදිකිරීමට තම රජය යටතේ කටයුතු කරන බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ සඳහන් කරයි.
ඒ සඳහා සවුදි අරාබියෙන් ආයෝජකයෙක් පැමිණ සාකච්ඡා කරන ලද බවද ඔහු අනාවරණය කරයි.
අද වන විට මාලදිවයින මුහුදේ පාවෙන හෝටල් ඉදිකිරීම සිදු කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේග විසින් සංවිධානය කරන ලද ජන හමුවකදීය.