අපි එන්න කලින් පාසල් දරුවෝ බඩගින්නේ ක්ලාන්ත වෙලා වැටුණා… දැන් එහෙම නෑ…! – ටිල්වින් සිල්වා…

April 10, 2025 at 10:08 am | by emanisa.lk

ජාතික ජන බලවේගය බලය ගැනීමට මාස තුන හතරකට පෙර ජනතාව සිටියේ තුන්වේල කෑමට නොහැකිව බඩු මිල අහස උසට නැග බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

උදේ පාසැල් ගිය දරුවන් පාසලේ උදේ රැස්වීමේදී ක්ලාන්ත වී ඇදගෙන වැටුණු බව ද එම නිසා පාසල්වල බත් බැංකු පිහිටුවීමට ගුරුවරුන්ට සිදුවූ බව ද ඔහු සිහිපත් කරයි.

එහෙත් දැන් එලෙස දරුවන් ක්ලාන්තය දමා ඇද වැටෙන්නේ නැතැයිද ටිල්වින් සිල්වා සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *